මැදපෙරදිග යුද්ධය නිසා ඉරානයට සිදුව ඇති හානිය
March 28, 2026 05:46 pm
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් එරට සිවිල් දේපළවලට සිදුව ඇති දැවැන්ත හානිය පිළිබඳව ඉරාන රතු කුරුස සංගමය වාර්තාවක් නිකුත් කර තිබේ.
ප්‍රහාර ආරම්භ වී සති පහක් ඇතුළත සිවිල් ස්ථාන 93,000කට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇති බව සඳහන් වෙයි.
මේ අතර, නිවාස 71,547ක්ද වෙළෙඳසැල් 20,779ක්ද විනාශ වී ඇති බව වාර්තාවේ සඳහන් කර ඇත.
මෙතුළින් ටෙහෙරාන් අගනුවර පමණක් නිවාස සහ වෙෙළඳ ඒකක 31,562කට හානි වී තිබේ.
ඉරානය තුළ පාසල් 600ක් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 295ක් ප්‍රහාරවලට ලක්ව ඇත.
යුද්ධය හේතුවෙන් එරට ගිලන් රථ 46ක්, හදිසි අනතුරු සේවා වාහන 48ක් සහ සහන සේවා හෙලිකොප්ටර් යානා 3ක් විනාශ වී හෝ හානියට පත්ව තිබේ.
