අමෙරිකානු ධවල මන්දිරයෙන් යෙදවුමක්
March 27, 2026 10:21 pm
ධවල මන්දිරය විසින් 'The White House' නමින් නව දුරකතන යෙදවුමක් නිකුත් කර තිබේ.
එමඟින් ජනාධිපතිවරයා සම්බන්ධ සියලුම යාවත්කාලීන තොරතුරු ලබා ගත හැකි බව එම මන්දිරය සඳහන් කරයි.
මේ අතර අමෙරිකානු මුදල් නෝට්ටුවක අත්සන් තැබූ ප්‍රථම ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වනු ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේය.
ඒ අනුව, ලබන ජූනි මාසයේ සිට නිකුත් කරන නව නෝට්ටුවල ජනාධිපතිවරයාගේ අත්සන් දැකගත හැකි වනු ඇත.
1861 වසරේ සිට වසර 165ක් පුරා එරට මුදල් නෝට්ටුවල අත්සන් කිරීමේ බලය භාණ්ඩාගාරිකවරයා වෙත පැවැරි තිබුණි.
ඒ අනුව එම සම්ප්‍රදාය නිමා කරමින් මින් ඉදිරියට භාණ්ඩාගාරිකවරයා වෙනුවට ජනාධිපතිවරයාගේ අත්සන මුදල් නෝට්ටුවලට එක් කෙරෙන බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
