FBI අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ගිණුමක්  ඉරානයේ හැකර්වරුන් අතට

FBI අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ගිණුමක් ඉරානයේ හැකර්වරුන් අතට

March 27, 2026   08:34 pm

ඉරානයට සම්බන්ධ හැකර්වරු කණ්ඩායමක් විසින් අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් බිඳදමා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ඔවුන් විසින් අධ්‍යක්ෂවරයාගේ ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව (Resume) යැයි සැලකෙන ලේඛන අන්තර්ජාලයට මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Handala Hack Team නමැති හැකර් කණ්ඩායම ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ, සාර්ථකව හැක් කරන ලද ගොදුරු බවට පත්වූවන්ගේ ලැයිස්තුවට දැන් පටෙල්ගේ නම ද ඇතුළත් වන බවය.