ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ගැන පැහැදිලි කිරීමක් 

ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ගැන පැහැදිලි කිරීමක් 

March 27, 2026   05:32 pm

මෙරට ඇති ප්‍රධාන ජලාශවල ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. 

ඒ අනුව එම දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශ 73ක සියයට 76.47ක ජල පරිමාවක් පවතින බව සඳහන්ය. 

අම්පාර දිස්ත්‍රික්කයේ ඇති ජලාශ 09ක සියයට 61.84ක ධාරිතාව පවතින බව ඔවුන් නිවේදනය කරයි. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ජලාශ 10ක පවතින ජල පරිමාව සියයට 92.01කි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ජලාශ 07ක ඇති ජල පරිමාව සියයට 94.93ක් වන අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4ක සියයට 91.03ක ජල පරිමාවක් පවතියි. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති ජලාශ 10ක සියයට 75.14ක් ද ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති ජලාශ දෙකෙහි සියයට 72.25ක ජල ප්‍රතිශතයක් පවතින බව  වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

නුවර දිස්ත්‍රික්කයේ ඇති ජලාශ තුනක සියයට 92.47ක් ජල පරිමාවක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලාශ 10ක සියයට 76.45ක ජල පරිමාවක් ද මොනරාගල දිස්ත්‍රික්කයේ ජලාශ තුනක සියයට 80.17ක ජල පරිමාවක් ද පවතින බව සඳහන්ය. 

පොළොන්නරුවේ ජලාශ 4ක සියයට 86.55ක් ද පුත්තලමේ ජලාශ දෙකක සියයට 55.98ක ජල ප්‍රතිශතයක් ද පවතියි.

ත්‍රිකුණාමලයේ ඇති ජලාශ 05ක සියයට 95.62ක ජල ප්‍රතිශතයක් ද මන්නාරම දිස්ත්‍රික්කයේ ජලාශ 4ක සියයට 59.97ක් ජල පරිමාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.