හෝමූස් හරහා යන අයට එරෙහිව දැඩි පියවර  - IRGC

හෝමූස් හරහා යන අයට එරෙහිව දැඩි පියවර - IRGC

March 27, 2026   04:17 pm

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බැවින් එම මාර්ගය හරහා සිදුවන ඕනෑම ගමනාගමනයකට දැඩි පියවර ගැනීමට සිදුවන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අද (27) උදෑසන ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රා තුනක් ආපසු හරවා යවා ඇති බවය.

බහාලුම් නැව් තුනක් අවසර ලත් යාත්‍රා සඳහා නම් කරන ලද කොරිඩෝව දෙසට යාමට උත්සාහ ඇත.

නාවික හමුදාවේ අනතුරු ඇඟවීමකින් පසු ඒවා ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර ඒ හරහා සිදුවන ඕනෑම ගමනාගමනයකට ස්ථිර ප්‍රතිචාර දක්වන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කරයි.