සේවාවන් අත්හිටුවා ඇති ID ඔෆිස් එකට අදත් පිරිස් ඇවිත්
March 27, 2026 10:18 am
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එහි එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවා ඇති පසුබිමක අදත් (27) පිරිස් එහි පැමිණ තිබේ.
එම දෙපාර්තමේන්තුව ඊයේ (26) දැනුම්දී සිටියේ, පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එහි සියලුම මහජන සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවය.
එවන් පසුබිමක අද උදෑසන සිට පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට ජනතාව පැමිණ ඇත.
ඇතැම් පිරිස් පසුගිය අඟහරුවාදා පැමිණ සිය කටයුතු සිදුකර ගැනීමට නොහැකිව පැමිණි පුද්ගලයන්ය.
එමෙන්ම ගංවතුරට හඳුනුම්පත නැති වූ පාසල් සිසුන්ද මෙහි පැමිණ ඇත.
ඔවුන්ට සඳුදා පැවැත්වෙන ක්රීඩා තරගයක් සඳහා හැඳුනුම්පත අනිවාර්ය වී ඇති බව සඳහන්ය.
