නීතිවිරෝධීව රැගෙන ආ විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව රැගෙන ආ විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

March 27, 2026   09:21 am

තායිලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව රැගෙන ආ සජීවී විසිතුරු පැළ තොගයක් සමග මගියෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (27) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් අදාළ පැළ තොගය සමග සැකකරු 'Green Channel' ඔස්සේ පිටව යෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්ව ඇත.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 57 හැවිරිදි සැකකරු අලුයම 12.30ට පමණ දිවයිනට ළඟාවී තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ කඩදාසි කොළවලින් ඔතා තිබියදී මෙම විසිතුරු පැළ තොගය සොයාගෙන ඇත.

එම පැළ තොගය මෙරටට රැගෙන ඒම සඳහා මොහු වලංගු ආනයන බලපත්‍රයක් හෝ සෞඛ්‍ය ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන නොතිබූ බව හෙළිව තිබේ.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත්වූ කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්, පැළ තොගය විනාශ කිරීම සඳහා කටුනායක ශාක නීරෝධායන ආයතනය වෙත භාරදී ඇත.