බංග්ලාදේශයේ බස් රථයක් ගඟකට වැටී 16කට දිවි අහිමි වෙයි

බංග්ලාදේශයේ බස් රථයක් ගඟකට වැටී 16කට දිවි අහිමි වෙයි

March 26, 2026   06:08 am

බංග්ලාදේශයේ, රාජ්බාරි හි නිරිතදිග ප්‍රදේශයේ ඩවුලාඩියා පර්යන්තයේදී බස් රථයක් පද්මා ගඟට (Padma River) පෙරළීමෙන් පුද්ගලයින් 16 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දොඹකරයක ආධාරයෙන් බස් රථය මේ වනවිට ගොඩට ගෙන ඇති අතර, බස් රථය තුළ තිබී මළ සිරුරු 14ක් සොයා ගෙන තිබුණි.

ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ මෙම අනතුර සිදුව තිබූ අතර, ගංගෙහි තිබී තවත් කාන්තා මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇත.

බංග්ලාදේශයේ ඩකා අගනුවර බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ ළමුන් කිහිපදෙනකු ඇතුළුව මගීන් 40ක් පමණ සිට ඇති බව අනාවරණය වී තිබේ.