මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රු. මිලියන 150ක දේපොළක් ක්‍රියාවිරහිත කෙරේ
March 25, 2026 11:04 pm
නීතිවිරෝධි ලෙස උපයා ගත් මුදලකින් මිලදීගත් රුපියල් මිලියන 150ක දේපොළක්, නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාවිරහිත කර තිබේ.
මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් වන සැකකරුවෙකුගේ දේපොළ මෙලෙස ක්‍රියාවිරහිත කර ඇත.
විමර්ශන නිලධාරින් විසින් මෙම සැකකරු හොරේතුඩුව ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 50ක වටිනාකමකින් යුත් පර්චස් 11 ඉඩමක පිහිටි නිවසක්, මොරටුව ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 100ක වටිනාකමකින් යුත් පර්චස් 16ක ඉඩමක පිහිටි තෙමහල් නිවසක් යන දේපොළ දින 7ක් කාලයක් සඳහා මෙලෙස ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
සැකකරු හෙට (26) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
