අමෙරිකාවේ සටන් විරාම කොන්දේසි පාකිස්තානය හරහා ඉරානයට දැනුම් දෙයි
March 25, 2026 04:36 pm
අමෙරිකාව ඉදිරිපත් කළ සටන් විරාම ඉල්ලීම් සහ කොන්දේසි ඇතුළත් ලේඛනයක් පාකිස්තානය විසින් ඉරානය වෙත භාර දී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මෙම තොරතුරු තහවුරු කරමින් අල් ජසීරා මාධ්‍ය පවසන්නේ, ට්‍රම්ප් පරිපාලනය විසින් පාකිස්තානයට ලබාදුන් නිල ලේඛනයක් මෙලෙස ඉරාන බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බවය.
මේ වන විට එම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉරානයේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් පවතින බව පාකිස්තාන ආරංචි මාර්ග සඳහන් කරයි.
අමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා පාකිස්තානය මෙහිදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි.
වාර්තා වන අන්දමට, ඉදිරි දින කිහිපය තුළ අමෙරිකානු සහ ඉරාන නිලධාරීන් අතර සෘජු හමුවක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වීමට ද ඉඩකඩ පවතින බව සඳහන් වේ.
