ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
March 24, 2026 01:04 pm
දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (24) පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුර සඳහන් වෙයි.
අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම නිවේදනය අද (24) රාත්‍රී 11 දක්වා වලංගු වන බව සඳහන් වෙයි.
