වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරක - 12කට තුවාල

වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරක - 12කට තුවාල

March 24, 2026   01:00 pm

පොළොන්නරුව - සෝමවතිය ප්‍රධාන මාර්ගයේ සුංගාවිල සෝමාවතිය අතර ප්‍රදේශයේ දී වන්දනාකරුවන් රැගත් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, අද උදෑසන 7.15ට පමණ අනතුර සිදුව තිබුණි.

නතුර සිදුවන අවස්ථාවේ බස් රථය මිනුවන්ගොඩ, දිවුලපිටිය ප්‍රදේශයේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙන සෝමවතිය පුදබිම වෙත ගමන් කරමින් සිට ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයින් 24 දෙනෙකු ගමන් කර තිබුණි. 

අනතුරෙන් පෙරළී ගිය බස් රථයේ සිරවී සිටි පිරිස් කන්දකාඩුව යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා පුලස්තිපුර පොලීසිය මැදිහත්ව වහා රෝහල් ගත කර ඇති අතර තුවාලකරුවන්ගෙන් 08 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලේ හා තවත් සිවුදෙනෙකු පුලස්තිපුර ප්‍රාදේශීය රෝහලේ මේවනවිට ප්‍රතිකාර ලබති.

කෙසේ නමුත් තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පුලස්තිපුර පොලිස් රථ වාහන අංශ නිලධාරීන් පැවසීය.