ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්
March 24, 2026 07:49 am
ටෙක්සාස් ප්‍රාන්තයේ Port Arthurහි පිහිටි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක් සිදුව තිබේ.
ප්‍රාන්තයේ බලධාරීන් දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙසය.
මෙම ප්‍රබල පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති අතර, පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් මෙම පිපිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවද සඳහන්.
නමුත් වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දීමක් කර ඇත.
නගරයේ බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නිවෙස්වල දොර ජනෙල් වසාගෙන ඇතුළතට වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති අතර, රථවාහන ගමනාගමනය ද සීමා කර තිබේ.
