දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා
March 23, 2026 09:05 pm
දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීම අද (23) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්සේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කුණාටුවෙන් පූර්ණ හානි වූ යාත්‍රා 11ක් වෙනුවෙන් යාත්‍රා පිරිනැමීම සංකේතාත්මකව ආරම්භ කළ අතර, අලුත්වැඩියා කරන ලද යාත්‍රා 14ක් සහ නව දැල් ආම්පන්න ධීවරයින් වෙත ලබාදී ඇත.
දිට්වා හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව නගා සිටුවීම සඳහා රජය විසින් දැවැන්ත සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ සඳහා ධීවර අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, භාණ්ඩාගාරය විසින් ඒ සඳහා රුපියල් 865ක් වෙන් කර ඇති බවය.
මෙම සහන වැඩපිළිවෙළ යටතේ පීඩාවට පත් ඉස්සන් වගාකරුවන් සඳහා 3% ක අවම පොලියක් යටතේ රුපියල් මිලියන 25ක් දක්වා ණය පහසුකම් ලබාදීමට ද කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන්ය.
