මෝදර සුදා අත්අඩංගුවට

මෝදර සුදා අත්අඩංගුවට

March 23, 2026   10:29 am

මට්ටක්කුලිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් තුළට ඇතුළු වී එහි තිබූ විදේශීය මත්පැන් අලෙවි සැලෙන් මත්පැන් බෝතල් තොගයක් සොරාගත් පුද්ගලයෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ගෙන ඇත්තේ "මෝදර සුදා" ලෙස හදුන්වනු ලබන 21 හැවිරිදි පුද්ගලයෙකු වේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෝදර පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා සිය නිවසේ රැදී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 800ක් හමු වූ බවද පොලිසිය පැවසීය.

අනතුරුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සුපිරි වෙළෙඳසැලෙහි පිටුපස තහඩුවක් ගලවා එම සුපිරි වෙළදසැලට ඇතුල් වී මත්පැන් බෝතල් සොරකම් කර එම මත්පැන් බෝතල් කිහිපයක් විකුණා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගත් බවට පාපොච්චාරණය කර ඇත.

සැකකරු මාලිගාවත්ත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින 07ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතය.