අගමැති මෝදී ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවයි
March 22, 2026 06:21 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දින 8,931ක්, රජයක නායකත්වය දරමින් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
ඒ අනුව, මීට පෙර Sikkim ප්‍රාන්තයේ හිටපු මහ ඇමති පවන් කුමාර් චැම්ලින් තබා තිබූ දින 8,930ක වාර්තාව අභිබවා යමින් මෝදි මහතා ඉන්දියාවේ වැඩිම කාලයක් රජයක නායකත්වය දැරූ පුද්ගලයා බවට පත්විය.
ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු දැරූ සමස්ත සේවා කාලය මෙම වාර්තාවට පදනම් වී ඇත.
එමෙන්ම ගුජරාට් ප්‍රාන්තයේ වැඩිම කාලයක් මහ ඇමති ධුරය දැරූ නායකයා වන්නේ ද මොහුය.
2014,2019 සහ 2024 යන වසරවල පැවති මහ මැතිවරණවලදී අඛණ්ඩව තෙවතාවක් සිය පක්ෂය ජයග්‍රහණය කරවීමට ඔහු සමත් විය.
ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු උපත ලැබූ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද නරේන්ද්‍ර මෝදි මහතායි.
තම පාලන කාලය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ 2001 වසරේදී තමන් ගුජරාට් මහ ඇමති ධුරය භාරගන්නා විට එම ප්‍රාන්තය ප්‍රබල භූමිකම්පාවකින්, චණ්ඩ මාරුතවලින් සහ දේශපාලන අස්ථාවරත්වයකින් පීඩා විඳිමින් තිබූ බවය.
එම අභියෝග හමුවේ නොසැලී කටයුතු කරමින් ගුජරාට් ප්‍රාන්තය "යහපාලනයේ කේන්ද්‍රස්ථානයක්" බවට පත්කිරීමට තමන්ට හැකි වූ බව ඔහු පෙන්වා දී තිබේ.
පසුගිය වසර 11ක කාලය තුළ ඉන්දියාවේ කෝටි 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බවත්, ඉන්දියාව ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් ලෙස නැගී සිටින බවත් මෝදි මහතා අවධාරණය කර ඇත.
"සංවර්ධිත ඉන්දියාවක්" 'Viksit Bharat' ගොඩනැගීම තම අරමුණ බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත වටිනාකම් මත පිහිටා තවදුරටත් සේවය කරන බවත් ඔහු වැඩිදුරටත් පවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
