ඉදිරියට රෑට විදුලිය එන්නේ ඩීසල්වලින්
March 22, 2026 12:39 pm
විදුලිබිල වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය එළැඹෙන අප්‍රේල් 1වනදා තීරණය කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඉන්ධන මිල වැඩිකිරීම පිළිබඳ අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී හෙතෙම පෙන්වා දුන්නේ, ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය සැලකිල්ල ගෙන විදුලිබිල වැඩිකිරීමට රජය බලාපොරොත්තු නොවන බවය.
කෙසේ නමුත් ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් දෙසැම්බර් සහ ජනවාරි තත්ත්වය සැලකිල්ලට ගෙන 13%කින් විදුලි බිල වැඩිකිරීමට යෝජනා කර තිබූ බවත්, එහි අවසන් තීරණය අප්‍රේල් 1 වෙනදා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට එක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා,
"එළැඹෙන මාර්තු 24, 25 බොරතෙල් නැව එන්නේ නැතිවුණම පිරිපහදු කරන්න වෙන්නේ ලබන මේ මාසේ 25 වෙනකම් විතරයි. ඒ හේතුවෙන් අපට දැවිතෙල් සහ නැප්තා නැතිවෙනවා. ඒ දෙකම භාවිතා කරන්නේ විදුලිය සඳහා. ඒක බරපතළ ගැටලුවක්.
දැවිතෙල් නැවක් එනවා ලබන 12,13. නමුත් නැප්තා එන්නේ නෑ. ඒ වෙනුවට ඩීසල් ගන්න වෙනවා. මේ අර්බුදය නිසා මින් ඉදිරියට රෑට විදුලිය එන්නේ ඩීසල්වලින්.
මේක හරියට තේරීම් අරන් එක ලයිට් එකක් හරි නිවලා, පාරවල්වල ලයිට් ටිකත් නිවලා සහයෝගය දෙන්න. එසේ වුණොත් අපට තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන්.
ජනතාවට කැපකිරීම කරන්න සිද්ධ වෙනවා"යැයි පැවසීය.
