header logo
SLIC
ක්‍රීඩා
හතෙන් තුනකට IPL ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර
Mar 20, 202605:56 PM
හතෙන් තුනකට IPL ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර
EDEX

දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයින්ට 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය අවසරය ලබාදී තිබේ.

ඒ, ඔවුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීම හේතුවෙනි.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවසරය හිමිවීමට නම් අනිවාර්යයෙන්ම එම පරීක්ෂණය සමත්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එමෙන් වනිඳු හසරංග, ඒෂාන් මාලිංග, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවසර ඉල්ලා ඇත.

නුවන් තුෂාරගේ විරෝධතා නොමැති සහතිකය සඳහා සුදුසුකම් ලැබීම ඔහුගේ ශාරීරික කාර්ය සාධන පරීක්ෂණයේ ප්‍රතිඵලය මත තීරණය වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

වනිඳු හසරංග, එෂාන් මාලිංග සහ මතීෂ පතිරණ තවමත් ශාරීරික කාර්ය සාධන පරීක්ෂණයට යොමු නොවී ඇති අතර ඔවුන් ආබාධවලින් සුවය ලබා නොමැති බව සඳහන්ය.

අදාළ ක්‍රීඩකයින් ඔවුන්ගේ සුවවීමේ සහ පුනරුත්ථාපන වැඩසටහන් අවසන් වූ පසු පරීක්ෂණවලට යොමු වනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට