ජනපති අද පාර්ලිමේන්තුව අමතයි
March 20, 2026 06:37 am
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරුකර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවය.
