විදෙස් රැකියා වංචාවලට හසුවූවන්ට සහනයක්
March 18, 2026 01:59 pm
විදෙස් රැකියා වංචනික ක්‍රියාවලට හසු වූ වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1,945කට අධික මුදලක් යළි අයකර දීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහිදී එම වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව නඩු පවරා මෙම මුදල් අයකරගත් බව සඳහන් වෙයි.
පසුගිය මාස 5 තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව නඩු 244ක් පවරා ඇති අතර, එම කාලය තුළ විවිධ පැමිණිලි 2,081ක් කාර්යාංශයට ලැබී තිබේ.
මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදුකරන ලද වැටලීම් ප්‍රමාණය 19ක් වන අතර, මෙම කාලය තුළදී වංචනිකයින් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අතරට, බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් තිදෙනෙක් අයත් බව ද සඳහන් වෙයි.
මේ අතර,ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රුමේනියාව හා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචාකිරීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් හා පුද්ගලික ලේඛන ලබාදීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
