ඉරාන යුද්ධයට සම්බන්ධ නොවූ නේටෝ සංවිධානය ගැන ට්‍රම්ප් කනස්සල්ලෙන්

ඉරාන යුද්ධයට සම්බන්ධ නොවූ නේටෝ සංවිධානය ගැන ට්‍රම්ප් කනස්සල්ලෙන්

March 17, 2026   10:49 pm

ඉරානයට එරෙහිව සිදුකරනු ලබන හමුදා මෙහෙයුම්වලට සම්බන්ධව වීමට තමන්ට අවශ්‍ය නොවන බවට නේටෝ මිත්‍ර පාර්ශ්වයින් විසින් එක්සත් ජනපදයට දන්වා ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

සිය Truthsocual ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් තවදුරටත් නේටෝ රටවල සහාය අවශ්‍ය නැති බවය.

ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ අමෙරිකානු උත්සාහයට නේටෝ සංවිධානය විසින් සහාය දක්වන නමුත් යුද්ධයට සම්බන්ධ වීමට ඔවුන් මැලිකමක් දක්වන බවත් සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් නේටෝ සාමාජිකත්වය ගැන එක්සත් ජනපදය නැවත සිතා බැලිය යුතු බවත්ය.