මැදපෙරදිග තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය කළමනාකරණයට කමිටු තුනක්
March 17, 2026 11:34 am
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ රට මුහුණ දිය හැකි ආර්ථික අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා කමිටු තුනක් පත් කර ඇති බවත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඇය මේ බව සඳහන් කර සිටියාය.
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නොකඩවා ජනතාවට ලබාදීම හා එම කාර්යයන් කළමනාකරණය කිරීමට එක් කමිටුවක් ද, රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අදාළ සේවා කළමනාකරණය කිරීම සඳහා තවත් කමිටුවක් ද පත් කර ඇති බව එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම බලශක්ති අවශ්‍යතාව සපුරාගැනීම සඳහා වන කමිටුවකුත් මෙලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය
''අපේ පාලනයෙන් පිට සිදුවන දේවල් නිසා අපේ ආර්ථිකයටත් බලශක්ති ක්ෂේත්රයටත් අභියෝග ගණනාවකට මුහුණ දෙන්න වෙලා.. මේක පැයෙන් පැය වෙනස් වෙන තත්ත්වයක්.. මේක අපේ පාලනයෙන් පිට වෙන දෙයක් නිසා අපිට විශාල වගකීමක් තියෙනවා මේ චලනයන් හඳුනා ගන්න.. ඒ චලනයන් හරහා අපිට වෙන බලපෑම කළමනාකරණය කරන එක තමා අපේ වගකීම.. ඒ සඳහා අපි පියවර අරන් තියෙනවා.. ඊයේ කැබිනට් එක අනුමත කළා ඒ සඳහා විශේෂ කමිටු තුනක් පත් කරන්න''
