බදාදා උපකාරක පන්ති නොපවත්වන්නැයි දැනුම්දීමක්

බදාදා උපකාරක පන්ති නොපවත්වන්නැයි දැනුම්දීමක්

March 17, 2026   09:16 am

රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සතියේ සෑම බදාදා දිනකම උපකාරක පන්ති සහ දේශන නොපවත්වන ලෙස රජය දැනුම් දී තිබේ.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙම තීරණය ගෙන ඇත.

ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර තීරණය කර තිබුණි.

ඒ අනුව සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවට පත්කර තිබේ.

සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට ඇතුළත් නොවේ.