ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා සඳහා මැදිහත්වීමට සූදානම් - ප්‍රංශ ජනාධිපති

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා සඳහා මැදිහත්වීමට සූදානම් - ප්‍රංශ ජනාධිපති

March 14, 2026   05:46 pm

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සාකච්ඡා පැරිස් නුවරදී පැවැත්වීමට පහසුකම් සැලසීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

X පණිවුඩයක් නිකුත් කරමින් මැක්‍රොන් කියා සිටියේ, තමන් සිකුරාදා දින ලෙබනන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පාර්ලිමේන්තු කථානායකවරයා සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් ඊශ්‍රායලය සමඟ "සෘජු සාකච්ඡා" සඳහා කැමැත්ත පළ කළ බවත්ය.

"සාකච්ඡා සහ සටන් විරාමයක් ආරම්භ කිරීමටත්, ස්ථිර විසඳුමක් සෙවීමටත්, ලෙබනන් පරමාධිපත්‍යයට සහාය වීම සඳහා ලෙබනන් බලධාරීන්ට ඔවුන්ගේ පොරොන්දු ඉටු කිරීමට ඉඩ දීමටත් ඊශ්‍රායලය මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුය," යනුවෙන්  ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එම සටහනේ සඳහන් කර ඇත.