header logo
SLIC
ක්‍රීඩා
මතභේදාත්මක දුවද්දී දවාගැනීම ගැන මිරාස්ට අගාගෙන් පිළිතුරක්
Mar 14, 202602:58 PM
මතභේදාත්මක දුවද්දී දවාගැනීම ගැන මිරාස්ට අගාගෙන් පිළිතුරක්
EDEX

පාකිස්තානය හා බංග්ලාදේශය අතර ඊයේ (13) පැවති තරගයේදී පාකිස්තාන ක්‍රීඩක සල්මන් අලි අගාව බංග්ලාදේශ නායක මෙහිදි හසන් මිරාස් විසින් දුවද්දී දවාගැනීමට ලක්කළ ආකාරය ගැන ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු බංග්ලාදේශ කණ්ඩායමට අප්‍රසාදය පළකර තිබේ.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේ පිළිබද කතාබහට ලක්විය.

එහිදී අදාළ දවාගැනීම නීත්‍යානුකූල බව අගා පිළිගෙන ඇති වුවත්, එම සිද්ධිය ගැන ඔහු තරමක කලකිරීමකින් පවසා තිබේ.

තවදුරටත් අදහස් දැක්වූ අගා,

"ඔහු කර ඇති දේ නීතියේ තිබෙනවා. මම හිතන්නේ ඔහු එය හරි කියලා හිතනවා නම්, ඒක හරි. නමුත් මගේ පැත්තෙන් මම හිතන්නේ එය වෙනස් ආකාරයකින්.

අපි මීට පෙර මෙවැනි දෙයක් කර නැහැ, අනාගතයේදීත් අපි එය කරන්නේ නැහැ" ආගා පැවසීය.

මෙහිදී අගා පවසා සිටියේ, තම චලනය තුළ කිසි විටෙකත් ලකුණක් කරා දිවයෑමේ බලාපොරොත්තුවක් නොතිබූ බවය.

"බෝලය මගේ පෑඩ් එකෙයි, ඊට පස්සේ මගේ පිත්තෙයි වැදුණා. මම උත්සාහ කළේ එයාට බෝලය දෙන්න. මම දුවන්න උත්සාහයක් හෝ ඒ හැඟවෙන දෙයක් කළේ නෑ".

මෙම දැවීයාමෙන් පසු ආගා තරමක් කෝපාකාරී වූ අතර, ඒ හේතුවෙන් ඔහු දැඩි අවේගශීලිව ක්‍රීඩා විවේකාගාරයට ගියේය.

"ඒක ඇත්තටම උණුසුම් අත්දැකීමක්. මම හැසිරුණ ආකාරයත් නොකර ඉන්න තිබුණා. ඒ හැමදේම ඒ මොහොතේම සිද්ධ වුණා.

මම මොනවද කිව්වේ කියලා මට මතක නැහැ. එයා මොනවද කිව්වේ කියලත් මට මතක නැහැ. මම හොඳ දේවල් කිව්වේ නැහැ කියලනම් මට විශ්වාසයි. ඒ වගේම එයාත් හොඳ දේවල් කිව්වේ නැහැ කියලා මට විශ්වාසයි. නමුත් ඒ උණුසුම ඒ මොහොතේ විතරයි. ඒ නිසා අපි හොඳින් ඉන්නවා" යැයි පැවසීය.

මෙම තරගයෙන් පාකිස්තාන කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 128ක ජයක් ලැබූ අතර, ඒ සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට ඔවුන්ට හැකිවිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට