header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කපිලට අල්ලස් කොමිසම බලපෑම් කළා ද..? - මහ රෑ ඇසුණු නඩුවේ සම්පූර්ණ කතාව
Mar 13, 202608:10 PM
කපිලට අල්ලස් කොමිසම බලපෑම් කළා ද..? - මහ රෑ ඇසුණු නඩුවේ සම්පූර්ණ කතාව
Mobitel 1278

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට අල්ලස් කොමිසමේදී බලපෑමක් සිදුව ඇතැයි ඔහුගේ නීතිඥවරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (13) පෙරවරුවේ මොසමක් ගොනු කළේය.

කෙසේ වෙතත් එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නඩුව කැඳවීමට නියමිත එළඹෙන 19 වනදා අදාළ ඉල්ලීම අධිකරණය හමුවේ සිදුකරන ලෙස ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නේය.

2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේ ගිවිසුම් සැදීමට සම්බන්ධ වූ එකල ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ ප්‍රධාන පුද්ගලයින් කිහිප දෙනෙකු පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ අනාවරණය කළ බව විමර්ශන නිලධාරින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

කෙසේවෙතත් කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා සඳහන් කළේ අල්ලස් කොමිසමේ ප්‍රකාශ ලබාදීමේදී සිය සේවාදායකයා බලපෑම්වලට නතුවී ඇති බවය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල විය.

අනතුරුව ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ.

කෙසේ වෙතත් එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඊයේ (12) අල්ලස් කොමිසමට කැඳවා තිබූ කපිල චන්ද්‍රසේන මහතා පැය 7කට වැඩි කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවටගත් සැකකරු කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කෙරුණේ ඊයේ (12) රාත්‍රී 8ට පමණය.

එහිදී අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකය වෙනුවෙන් කරුණු දැක්වූ පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත මහතා කියා සිටියේ, 2013 වසරේ සිදුවී ඇති ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී, එයාර්බස් සමාගම විසින් කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාදී ඇති බවය.

"ස්වාමිනි, නියෝමාලි විජේනායක නැමැත්තිය තනි අධ්‍යක්ෂ ධුරයක් දැරූ බෘෘනායි රාජ්‍යයේ බිස් සොලූෂන්ස් නම් සමාගමකට අයත් සිංගප්පූරුවේ ගිණුමකට 2013.12.27 වන දින එයාර් බස් සමාගමේ මව් සමාගම විසින් මෙකී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් මුදල බැර කර තිබෙනවා. ප්‍රශ්නගත ගනුදෙනුව සඳහාම ගනුදෙනුවට ආසන්න කාලයේ මෙම ගිණුම විවෘත කර ඇති අතර මෙම ගනුදෙනුව හැර වෙනත් කිසිදු ගනුදෙනුවක් අදාළ ගිණුම හරහා සිදුවී නැහැ. පසුව එම මුදල් කපිල චන්ද්‍රසේනට අයත් ඕස්ටේලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ ගිණුමකට සහ සිංගප්පුරුවේ සහ ශ්‍රී ලංකාවේ වෙනත් ගිණුම් දෙකකට කොටස් වශයෙන් බැරවී තිබෙනවා. ඒ අනුව මෙහිදි අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතේ වරදක් අනාවරණය වන බැවින් සැකකරුට සහ බිරිඳට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙස දැනුම් දුන්නා. නමුත් බිරිඳ කොමිසම හමුවට පැමිණියේ නැහැ. කොමිසම හමුවට පැමිණි මෙම සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගත්තා. "

මෙහිදී කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙමින් මෙතෙක් මෙම විමර්ශනයට අදාළව අනාවරණය නොවූ සුවිශේෂි කරුණු රැසක් කපිල චන්ද්‍රසේන අනාවරණය කළ බව විමර්ශන නිලධාරියා කරුණු දක්වමින් කියා සිටියේය.

"ස්වාමිනි, මේ ප්‍රශ්නගත ගනුදෙනුවේදී ගිවිසුම් සැදීමට සම්බන්ධ වූ එකල ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ ප්‍රධාන පුද්ගලයෝ කිහිපදෙනෙක් ගැන මේ සැකකරු කොමිසම හමුවේ අද සිදුකළ ප්‍රකාශයෙන් අනාවරණය කර තිබෙනවා. නමුත් මේ සැකකරුගේ ජීවිතයට තර්ජනයක් වියහැකි නිසා මෙම අවස්ථාවේදී අපි ඒවා අනාවරණය කරන්නේ නැහැ. "

එම කරුණු දැක්වීමත් සමඟ කොටුව මහේස්ත්‍රාත්වරයා සහ විත්තියේ නීතිඥවරයා අදාළ අනාවරණය පැහැදිලිව නම් සහිතව සිදුකළ අනාවරණයක්ද, එම නම් මොනවාදැයි ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා කියා සිටියේ සැකකරුගේ ජීවිතයට තර්ජනයක් ඇතිවිය හැකි බැවින් මෙම අවස්ථාවේ වැඩිදුර වාර්තාවෙන් ඒ පිළිබඳ සඳහන් නොකළ අතර ඉදිරියේදී ඒ පිළිබඳ විස්තරාත්මකව කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බවයි.

අනතුරුව සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයේ කරුණු ඉදිරිපත් කළේය.

"ස්වාමිනි, මෙම සිදුවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවත්වාගෙන යනු ලබන විමර්ශනට අදාළව මාගේ සේවාදායකයාට ඇප ලැබී වසර 6කට වැඩි කාලයක් ගතව තිබෙනවා. අල්ලස් කොමිසමේ දැන් ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරයාමයි එවකට කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස ඇපලබා දී තිබෙන්නේ. ඉතිං ඇප ලැබීමෙන් පසු ගතවූ කාලය තුළ ඔහු අධිකරණය මගහැරීමක් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් සිදුකර නැහැ. එබැවින් මෙම අවස්ථාවේදීද ඔහු ඇපමත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා."

මෙහිදී අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී ඔහුට තර්ජනාත්මකව බලපෑම්කර ඇති බවටද ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.

"ස්වාමිනි, මගේ සේවාදායකයා අල්ලස් කොමිසමේ ප්‍රකාශ දෙමින් සිටියදී අතරමඟ ඔහුව අධ්‍යක්ෂ ජනරාල් හම්බවෙන්න එක්කන් ගිහින් තියෙනවා. එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් යම් යම් නම් සඳහන් කරමින් තර්ජනාත්මකව එම නම් මොහුගේ කටින් ගැනීමට උත්සාහ දරා තිබෙනවා. ළගදි එක්කෙනෙක් බොරු කියන්න ගිහින් බෙල්ලේ වැල දාගත්තා ඔබටත් ඒ දේමයි වෙන්නේ කියලා කියා තිබෙනවා. ඉතිං මේ සිදුවීම ගැන මගේ සේවාදායකයාට ඔබ හෝ මේ නඩුව තියෙන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කඩිනමින් ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒ සඳහා හෙටම ඔහුට අවස්ථාව සලසන්න කියා මා ඉල්ලා සිටිනවා."

කෙසේ වෙතත් මෙහිදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් කියා සිටියේ සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී විත්තිය පවසන ආකාරයේ බලපෑම් කිරීමක් සිදු නොවූ බවය.

දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.

"සැකකරුට එරෙහිව ඇති වරදේ ස්වභාවය, ඉහළ මූල්‍ය වටිනාකම සහ විමර්ශනයේ සංකීර්ණභාවය හේතුකොටගෙන සැකකරුට මෙම අවස්ථාවේ ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. ඔය කියන විශේෂ කරුණු අනාවරණය සහ බලපෑම් කළා කියන සිදුවීම ගැන ඉදිරි දිනයේ ප්‍රධාන කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවේම කරුණු ඉදිරිපත් කරන්න."

ඒ අනුව සැකකාර කපිල චන්ද්‍රසේන මාර්තු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana