ඉරාන නව උත්තරීතර නායකයා පළමු ප්‍රකාශයෙන්ම ජාත්‍යන්තරය බියවද්දයි

ඉරාන නව උත්තරීතර නායකයා පළමු ප්‍රකාශයෙන්ම ජාත්‍යන්තරය බියවද්දයි

March 12, 2026   07:15 pm

ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තකරන පරිදි පටිගත කළ විශේෂ දේශනයක් හරහා සිදුකළ මෙම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, රට තුළ ජාතික එකමුතුව සහ ඒකීයතාවය අවශ්‍ය බවට අවධාරණය කර ඇති බවය.

එමෙන්ම, මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සියල්ල වහාම වසා දමන ලෙසද ඔහු දැනුම් දී ඇති අතර, එසේ නොකළහොත් එම කඳවුරු ඉලක්ක කර තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවටද අනතුරු අඟවා ඇත.

කෙසේවෙතත්, ඉරානය අසල්වැසි රටවල් සමඟ මිත්‍රත්වය සහ සහයෝගීතාවයට කැපවී සිටින බවත්, ප්‍රහාර ඉලක්ක කරන්නේ අමෙරිකානු හමුදා කඳවුරු පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම, ඉරානයට එරෙහි පාර්ශවයන්ට පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා තබන බවද නව උත්තරීතර නායකවරයා එම දේශනයේදී ප්‍රකාශ කර ඇත.