header logo
SLIC
ක්‍රීඩා
හර්දික් පාණ්ඩ්‍යා ජාතික කොඩියට අපහාස කරලා
Mar 12, 202602:15 PM
හර්දික් පාණ්ඩ්‍යා ජාතික කොඩියට අපහාස කරලා
EDEX

ජාතික කොඩියට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පූනෛහි නීතිඥවරයෙක් විසින් සිවාජි නගර් පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නවසීලන්තය සමඟ පැවැති විස්සය විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාණ්ඩ්‍යා ජාතික කොඩියට අගෞරවයක් ඇති වන අයුරින් සිය සැමැරුම් සිදු කර ඇති බව නීතිඥවරයා පෙන්වා දෙයි.

ඒ සඳහා සාක්ෂි ලෙස සමාජ මාධ්‍යයෙහි හුවමාරු වූ වීඩියෝ පට කිහිපයක් ද පොලීසිය ලබාදී ඇත.

එහි හර්දික් පාණ්ඩ්‍යා ජාතික කොඩිය සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝවක්, එම කොඩිය සිය සිරුර වටා දවටාගෙන වේදිකාවේ වැතිර සිටින ආකාරයක් ද දැක්වෙයි.

ඔහු ඉන්දිය ජාතික කොඩිය සිට ඉනෙහි ගැටගසා ගනිමින් සිය පෙම්වතිය සමඟ නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද නීතිඥවරයා විසින් පොලීසියට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ, 1971 ජාතික ගෞරවයට අපහාස කිරීම වැළැක්වීමේ පනතේ විධිවිධාන හර්දික් පාණ්ඩ්‍යා විසින් උල්ලංඝනය කර ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට