ලාෆ්ස් ගෑස් මිලත් රුපියල් 300කින් ඉහළට
March 11, 2026 08:31 pm
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව රු. 4,330ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා තිබේ.
මිල සංශෝධනයට අනුව නව මිල රු. 4,630ක් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව රු. 1742ක්ව පැවති එහි නව මිල රු. 1,862කි.


