මහින්දානන්දගේ සහ නලින්ගේ අභියාචනා පෙත්සම් විභාගය හෙටට කල්යයි
March 10, 2026 05:16 pm
සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ඔවුන්ගේ දඬුවම්වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය හෙට (11) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
මෙම අභියාචනා අද (10) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගෙන තිබුණි.
එහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ දේශන ඉදිරිපත් කිරීම අද අවසන් කෙරුණි.
හෙට දින අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
