ඉන්දියාවට ගණන් උස්සන රුසියාව
March 9, 2026 09:35 pm
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ගෝලීය තෙල් සැපයුම අවදානමට ලක්ව ඇති පසුබිමක රුසියාවෙන් දින 30ක කාලයක් සඳහා තෙල් මිලදී ගැනීමට ඉන්දියාවට අවසර ලබාදෙන බව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කර තිබුණි.
යුක්රේන යුද්ධය හේතුවෙන් පැනවුණු සම්බාධක නිසා බොහෝ රටවල් රුසියානු තෙල් මිලදී ගැනීම නතර කරද්දි ඒ සඳහා ඉදිරිපත් වූයේ චීනය සහ ඉන්දියාවයි.
ඒ අනුව රුසියාවෙන් ලෝක වෙළෙඳපොළේ මිලට වඩා අඩුවෙන් වට්ටමක් සහිතව ඉන්දියාවට තෙල් හිමි විය.
මේ වන විට ගෝලීය සැපයුම් අඩාළ වී ඇති තත්ත්වය හමුවේ රැසියානු තෙල් සඳහා ඇති ඉල්ලුම ද ඉහළගොස් තිබේ.
එබැවින් ඉන්දියාව නැවතත් රුසියානු තෙල් මිලදී ගැනීම ඉහළ නැංවුවත් මීට පෙර ලබාදුන් වට්ටම් ලබා දීම රුසියාව ප්රතික්ෂේප කර ඇතැයි සඳහන් වේ.
රුසියානු තෙල් සඳහා චීනයත් තරග කිරීම ඊට හේතුව බව වාර්තා වේ.
