වසරේ ගෙවුණු මාස දෙකට රිය අනතුරු 3,600 පනී
March 9, 2026 07:37 am
වසරේ ගෙවුණු මාස දෙකක කාලය තුළ රිය අනතුරු 3600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ජනවාරි මස පළමු වනදා සිට මාර්තු 2 වනදා දක්වා කාලය තුළ පමණක් අනතුරු 3642ක් වාර්තා වී ඇති බවය.
එහිදී මාරක රිය අනතුරු 405ක් සිදුව ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 422ක් බව සඳහන් වේ.
බරපතළ අනතුරු 866ක් වාර්තා වී ඇති අතර සුළු තුවාල අනතුරු 1730ක් සහ අලාභ හානි සිදු වූ අනතුරු 641ක් වාර්තා වූ බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
