ඉරාන ගැටුමින් මියගිය පස්වන සහ හයවන අමෙරිකානු සොල්දාදුවන් දෙදෙනාත් හඳුනාගනී
March 5, 2026 08:00 am
යුද්ධයේ ආරම්භක දිනවලදී කුවේටයේ ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය පස්වන සහ හයවන සොල්දාදුවන්ගේ අනන්‍යතාවය පෙන්ටගනය විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව පස්වන සෙල්දාදුවා ලෙස මියගොස් ඇත්තේ, අයෝවා වෝකි හි පදිංචිකරුවෙකු වන මේජර් ජෙෆ්රි ඕ'බ්‍රයන් නම් 2012 වසරේ දී සංඥා බළකා නිලධාරියෙකු හමුදාවට එක්වූ අයෙකි.
ඔහුව 2019 දී කුවේටයට යොදවා ඇති බව පෙන්ටගනය වැඩිදරුටත් සඳහන් කරයි.
මේ අතර, කුවේටයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය හයවන සොල්දාදුවා කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ හි ප්‍රධාන වරෙන්තු නිලධාරීවරයෙකු වන රොබට් එම් මර්සාන් නම් 54 හැවිරිදි වියේ පසුවන්නෙක් බව වාර්තා වේ.
පසුගිය ඉරිදා (01) කුවේට් හි 'පෝර්ට් ෂුඅයිබා' ප්‍රදේශයේ පිහිටි විධාන මධ්‍යස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම සෙබළුන් හයදෙනා ජීවිතක්ෂයට පත්ව තිබුණි.
