කුවේට් මුහුදේදී තෙල් නැවක් අසල පිපිරීමක්

කුවේට් මුහුදේදී තෙල් නැවක් අසල පිපිරීමක්

March 5, 2026   07:04 am

කුවේට් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නෞකාවක් අසල විශාල පිපිරීමක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් තෙල් කාන්දුවක් සිදුව ඇතැයි එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම (UKMTO) පවසයි.

කුවේටයේ මුබාරක් අල් කබීර් සිට නාවික සැතපුම් 30ක් ගිනිකොණින් මෙය සිදුව ඇත.

තෙල් කාන්දුව හේතුවෙන් පාරිසරික බලපෑමක් එල්ල විය හැකි අතර, පිපිරීම සමඟ කිසිදු ගින්නක් වාර්තා වී නොමැති බව ද UKMTO සඳහන් කරයි.

කෙසේවෙතත් නෞකාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂිත බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.