යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 5, 2026 06:33 am
යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 6ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත.
Update - 4.38 PM
කුවේටය , බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල පිහිටා ඇති අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන 20කට තමන් දැඩි හානි සිදුකළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කරයි.
-------------------
Update - 4.30 PM
ඉරානය යුරෝපයට තර්ජනයක් වීමට "ඉතා ආසන්න" මට්ටමක පවතින බව නේටෝ සංවිධානයේ මහලේකම් මාර්ක් රූටේ (Mark Rutte) ප්‍රකාශ කර ඇත.
ටෙහෙරානයේ න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් විනාශ කිරීමට අෙ රිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් පියවර තමන් අනුමත කරන බව ඔහු පවසා තිබේ.
---------------------
Update - 4.20 PM
පසුගිය සඳුදා සිට ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 77 දෙනෙකු මියගොස් තවත් 527 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද දිනයේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වෙයි.
-------------------
Update - 3.35 PM
නැගෙනහිර ලෙබනනයේ සහ්ලේ (Zahle) නගරය අසල මහාමාර්ගයක ගමන්කළ මෝටර් රථයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
----------------------
Update - 2.48 PM
කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයට ඉහළ අහසේ විශාල පිපිරීම් ශබ්ද කිහිපයක් ඇසෙමින් පවතින බව වාර්තා වේ.
-------------------
Update - 2.34 PM
ඉරානයේ අන්තර්ජාල විසන්ධිවී පැය 120ක් ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
----------------------
Update - 1.23 PM
ඉරානය විසින් කලාපය පුරා එල්ල කරන මිසයිල ප්‍රහාර මාලාවත් සමඟ කටාර් සහ බහරේන් යන රටවලින් ද විශාල පිපිරුම් හඬවල් ඇසෙන බව විදෙස් වාර්තා පවසයි.
---------------------
Update - 12.23 PM
දකුණු ඊශ්‍රායලයේ ජෝර්දාන දේශසීමාව අසල ප්‍රදේශ කිහිපයක අනතුරු ඇඟවීමේ සයිරන් ශබ්ද නිකුත් වී ඇති බවට විදෙස් වාර්තා තොරතුරු ඉදිරිපත් කරයි.
-------------------
Update - 12.00 PM
ඊශ්‍රායලය විසින් ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම වේගවත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
------------------
Update - 11.50 AM
ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් සහ ඒ අසල පිහිටි නගරවල ප්‍රබල පිපිරුම් කිහිපයක් සිදුව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.
-----------------
Update - 11.45 AM
ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ බේරූට් නගරයට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කර අවසන් කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත.
හිස්බුල්ලා සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ලකළ බව සඳහන් වෙයි.
-----------------
Update - 11.43 AM
දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නැවතත් අනතුරු ඇඟවීමක් කර තිබේ.
දකුණු ලෙබනනයේ සිටින ජනතාවට වහාම ලිටානි (Litani) ගඟෙන් උතුරු ප්‍රදේශයට පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නැවතත් දන්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.
-----------------
Update - 11.33 AM
ලෙබනනයේ බෙඩ්ඩාවි (Beddawi) ප්‍රදේශයේ පිහිටි පලස්තීන සරණාගත කඳවුරක නිවසක් ඉලක්කකර ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් මගින් අලුයම් කාලයේදී ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වසීම් අතල්ලා අල්-අලි (Wassim Atallah al-Ali) සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
---------------------
Update - 11.25 AM
ඉරානයේ අගනුවර වන ටෙහෙරානය (Tehran) පුරා රජයට අයත් වැදගත් යටිතල පහසුකම් ඉලක්කකර ගනිමින් විශාල ප්‍රහාර මාලාවක් ආරම්භකළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් ඉරාන රජයේ පාලන මධ්‍යස්ථාන, ආරක්ෂක අංශවල මූලස්ථාන සහ සන්නිවේදන මධ්‍යස්ථාන විනාශ කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී ඇත.
-----------------
Update - 11.22 AM
ඊශ්‍රායලයේ බටහිර ගලීලි ප්‍රදේශයට ඉහළින් ගිය ඩ්‍රෝන යානා දෙකක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් සාර්ථකව විනාශ කර ඇති බව වාර්තා වෙයි.
මෙම ප්‍රහාරය එල්ල වීමට පෙර එම ප්‍රදේශයේ අනතුරු ඇඟවීමේ සයිරන් ශබ්ද නිකුත් කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
-----------------
Update - 10.55 AM
අතරමං වී සිටින මගීන් වෙනුවෙන් ඕමානයේ මස්කට් (Muscat) සහ සෞදි අරාබියේ රියාද් (Riyadh)නගරවල සිට අද සිට විශේෂ සහන ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටාර් ගුවන් සේවය තීරණය කර ඇත.
------------------
Update - 10.45 AM
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන යුද්ධයට, තම හමුදා සහභාගීත්වය ප්‍රතික්ෂේප කළ නොහැකි බව කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
...........................
Update - 10.19 AM
දොහා හි අමෙරිකානු තානාපති කාර්යාලය අසල ජීවත් වන පදිංචිකරුවන් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් මේ වනවිට සපයා දී ඇති බවද X නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
.....................
Update - 09.20 AM
අද (05) අලුයම ඉරානයෙන් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ප්‍රහාර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව එරට හදිසි සේවය උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කර තිබේ.
.....................
Update - 08.55 AM
අමෙරිකානු තානාපති කාර්යාලය අවට ජීවත් වන පිරිස ඉවත් කරගැනීමට කටයුතු කළ බව කටාර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
තාවකාලික පූර්වාරක්ෂව සඳහා මෙම පියවර ගෙන ඇති බවත් එම පුද්ගලයින් සුදුසු නවාතැන් පහසුකම් සපයාදී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
.....................
Update - 07.55 AM
යුද්ධයේ ආරම්භක දිනවලදී කුවේටයේ ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය පස්වන සහ හයවන සොල්දාදුවන්ගේ අනන්‍යතාවය පෙන්ටගනය විසින් තහවුරු කර තිබේ.
.....................
Update - 07.31 AM
කුවේට් ප්‍රහාරයෙන් මියගිය බවට විශ්වාස කෙරෙන හයවන සොල්දාදුවාගේ අනන්‍යතාවය පෙන්ටගනය නිවේදනය කර තිබේ.
............................
Update - 07.04 AM
කුවේට් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නෞකාවක් අසල විශාල පිපිරීමක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් තෙල් කාන්දුවක් සිදුව ඇතැයි එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම (UKMTO) පවසයි.
.........................
Update - 06.25 AM
සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
.........................
Update - 04.17 AM
වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු ලෙස බෝම්බ හෙළීමක් සිදු කර ඇති බව එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් පවසයි.
.......................
Update - 03.45 AM
ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන මිලිටරි ක්‍රියමාර්ග සීමා කිරීමට එරට සෙනෙට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබේ.
.........................
Update - 02.31 AM
සිය රටට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙසට කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි, ඉරානයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
.........................
Update - 01.02 AM
ඉරාකය පුරා විදුලිය බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එරට විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉරාක ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කරන්නේ, පළාත්වල විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවය.
...........................
