Maersk සමාගම ගල්ෆ් රටවල් කිහිපයක භාණ්ඩ ප්‍රවාහන සේවා අත්හිටුවයි
March 4, 2026 10:09 pm
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ලොව ප්‍රමුඛතම නාවික ප්‍රවාහන සමාගමක් වන 'මර්ස්ක්' (Maersk), ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක භාණ්ඩ වෙන්කරවා ගැනීම් (Cargo Bookings) තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
සිය මෙහෙයුම් කටයුතු පිළිබඳ යාවත්කාලීන කිරීමක් සිදුකරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ නැවත දැනුම් දෙන තුරු පහත රටවල් සහ ප්‍රදේශ සඳහා භාණ්ඩ ප්‍රවාහන ඇණවුම් භාර නොගන්නා බවය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE)
ඕමානය (සලාලා වරාය හැර)
ඉරාකය, කුවේටය, කටාර් සහ බහරේනය
සවුදි අරාබියේ කොටසක් (දම්මාම් සහ ජුබයිල් ඇතුළුව)
මෙම තීරණය ගනු ලැබුවේ තම සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, භාණ්ඩ සුරක්ෂිත කිරීමට සහ පවතින අස්ථාවර තත්ත්වය හමුවේ නාවික ජාලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සිදුකළ අවදානම් තක්සේරුවකින් පසුව බව මර්ස්ක් සමාගම වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
