කමේනිගේ අවමංගල්‍ය උත්සවය කල් දමයි - ඉරාන රාජ්‍ය මාධ්‍ය

කමේනිගේ අවමංගල්‍ය උත්සවය කල් දමයි - ඉරාන රාජ්‍ය මාධ්‍ය

March 4, 2026   05:04 pm

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ  රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් දමා ඇති බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරයි.

දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ මෙම අවමංගල්‍ය උත්සවය අද දිනයේ ආරම්භ වීමට නියමිතව තිබූණි.

කෙසේ වෙතත්, උත්සවය පැවැත්වීමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ වන තෙක් එය කල් තබන බව සංවිධායකයන් පවසා ඇත. 

මේ අතර, උත්සවය පවත්වන නව දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවද වැඩිදුර සඳහන් වෙයි.