දිගුකාලීන යුද්ධයක් උද්ධමනය ඉහළ යාමට හේතුවිය හැකියි -  යුරෝපීය මහ බැංකුව

දිගුකාලීන යුද්ධයක් උද්ධමනය ඉහළ යාමට හේතුවිය හැකියි - යුරෝපීය මහ බැංකුව

March 3, 2026   12:09 pm

දිගුකාලීන යුද්ධයක් උද්ධමනය ඉහළ යාමට හේතු විය හැකි බව යුරෝපීය මහ බැංකුව පවසා තිබේ.

ඉරානයට එරෙහි අඛණ්ඩ යුද්ධයක් මධ්‍යයේ මැදපෙරදිග කලාපයෙන් තෙල් හා ගෑස් සැපයුම් අඛණ්ඩව පහත වැටීම උද්ධමනයේ විශාල වැඩිවීමක් සහ යුරෝපීය කලාපයේ නිෂ්පාදනයේ තියුණු පහත වැටීමක් ඇතිකළ හැකි බව යුරෝපීය මහ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෆිලිප් ලේන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මැදෙපෙරදිගින් ඇතිවන කම්පනයේ විශාලත්වය "ගැටුමේ පළල සහ කාලසීමාව මත" රඳා පවතිනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.