ජනපති පාර්ලිමේන්තුවට
March 3, 2026 11:25 am
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
අද (03) දිනයේදී විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිත අතර විපක්ෂය විසින් ගෙනඑනු ලබන කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතව ඇත.
එමෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ද අද (03) පැවැත්වීමට නියමිතය.
මේ අතර හෙට (04) දිනයේදී ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අදිකාරිය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල්තැබීමේ විවාදයක් ලබන 5 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
