අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

March 3, 2026   08:41 am

අතපය ගැට ගසා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් අද (03) උදෑසන පානදුර කොළඹ පරණ පාරේ තිබී පානදුර දකුණ පොලීසිය විසින් සොයා ගෙන ඇත.

එලෙස මියගොස් ඇත්තේ පානදුර උතුර ඥානසේන මාවතේ පදිංචිව සිටි 37 හැවිරිදි අයෙකු බවට අනාවරණය වී තිබේ.

මෙම ඝාතනය කෙසේ වූවාද යන්න පිළිබඳව මතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරනු ලබයි.