
මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් එම කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම පාකිස්තානු රුපියල් මිලියන 5 බැගින් වූ දඩයක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) පියවර ගෙන තිබේ.
අවසන් පූර්ව වටයට පැමිණීමට හෝ නොහැකිව කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීම මෙම තීරණයට හේතු වී ඇති බව සඳහන් වේ.
























