ඉරානයේ ක්‍රියාකලාපය ගැන අමෙරිකාව සහ ගල්ෆ් රටවල් එකතුව ඒකාබද්ධව ප්‍රකාශයක්

ඉරානයේ ක්‍රියාකලාපය ගැන අමෙරිකාව සහ ගල්ෆ් රටවල් එකතුව ඒකාබද්ධව ප්‍රකාශයක්

March 2, 2026   05:40 pm

මැදපෙරදිග කලාපය තුළ ඉරානය සිදුකරන ක්‍රියාවන්, එම කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් බව අමෙරිකාව සහ ගල්ෆ් කලාපයේ රටවල් හයක් ඒකාබද්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

කුවේට් විදේශ අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කරන ලද මෙම නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ, සිවිල් වැසියන් සහ යුද්ධයට සම්බන්ධ නොවන රටවල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් බවයි.

මෙම ප්‍රකාශයට කුවේටය, සවුදි අරාබිය, බහරේනය, කටාර්, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් අත්සන් තබා ඇත.

කලාපය පුරා ඉරාන ප්‍රහාර එල්ල වෙමින් පවතින පසුබිමක, එම රටවල ආරක්ෂාව සඳහා ගන්නා ක්‍රියාමාර්ග යළි යළිත් තහවුරු කරන බව මෙම රටවල් ප්‍රකාශ කර කර තිබේ.

බහරේනය, ඉරාකය (කුර්දිස්තාන කලාපය ඇතුළුව), ජෝර්දානය, කුවේටය, ඕමානය, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට මේ වන විට ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වේ.