ඕමානයේ සිට ගුවන් යානයක් දිවයිනට
March 2, 2026 02:41 pm
අද (02) අලුයම ඕමානයේ SalamAir ගුවන් සේවයේ තීරණයක් මත ගුවන් යානයක් දිවයිනට පැමිණ නැවත ඕමානය දක්වා පියාසර කර තිබේ.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ, අධ්යක්ෂ ජනරාල්, කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පවසා සිටියේ, ඕමාන සහ සෞදි ගුවන් කලාප මේ වනවිට විවෘතව පවතින බවය.
කෙසේ වෙතත් සෙසු ගල්ෆ් කලාපීය රටවල ගුවන් කලාප යම් සීමාවන්ට යටත්ව විවෘත කර ඇතැයි ද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර සියල්ලම අද දිනයේද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
යුද ගැටුම් ඇරඹුණු පසුගිය 28 වැනි දින සිට මේ දක්වා මැද පෙරදිග සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සහ මෙරටින් මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 115ක් අවලංගු වී ඇති බවද ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.
