යුද ගිනි දැල් ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවාත්කාලීන කිරීම් මෙතැනින්
March 2, 2026 07:06 am
UPDATE - 10.49 A.M
ඉරානය මුලින්ම ඇමරිකාවට පහර දීමට සැලසුම් කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පෙන්ටගනය කොංග්‍රසයට දන්වා ඇති බව වාර්තාව පවසයි.
ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමට පෙර ඉරානය එක්සත් ජනපදයට පහර දීමට සැලසුම් කර ඇති බවට කිසිදු සලකුණක් නොමැති බව ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් එක්සත් ජනපද කොංග්‍රසයට පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
-------------
UPDATE - 10.45 A.M
කටාර් හි අගනුවර වන දෝහා හි විශාල පිපිරීම් ශබ්දයක් ඇසී ඇති බව සඳහන් වෙයි.
-------------------
UPDATE - 10.20 A.M
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
-----------------------
UPDATE - 09.56 A.M
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හෙට (03) අඟහරුවාදා සවස 4ට ඉරානය පිළිබඳව කැපිටල් හිල් හි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
----------------
UPDATE - 09.26 A.M - ඉරාකයේ බැග්ඩෑග් හී ජුර්ඨ් අල් - සකර් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
--------------------------
UPDATE - 09.00 A.M - ඉරාන අගනුවර වන ටෙහෙරාන් සහ කරජ් නගරයන් හී නැවත පිපිරීම් කිහිපයක් සිදුව තිබේ. ඉරාන රජයට අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත්තේ එම නගර ආශ්‍රිතව පිපිරීම් සිදුව ඇති බවය.
--------------------------
UPDATE - 08.40 A.M - බේරූට් වෙත එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉලක්ක කළ පහරදුන් බවත් ලෙබනනයේ ලෙබනන් සන්නද්ධ කණ්ඩායම් සඳහාත් ඉලක්ක කළ බවය.
--------------------------
UPDATE - 08.17 A.M - දකුණු ලෙබනනයේ නගර තුනකට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී තිබේ. හරිස්, නබතිහ්, අල්-ෆව්කා යන නගර තුන සඳහා මෙලෙස ප්‍රහාර එල්ල වී ඇතැයි සඳහන්.
--------------------------
UPDATE - 07.21 A.M - ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය පිරිස 180 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම පිරිස සියලු දෙනාම අදාල පාසලේ සිසුවියන් බවත් සඳහන් වේ.
--------------------------
UPDATE - 07.18 A.M - ටෙහෙරානයේ නිලුෆර් චතුරශ්‍රයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
--------------------------
UPDATE - 07.05 A.M - බහරේනයේ සල්මාන් කාර්මික කලාපයේ විදෙස් නෞකාවකට මිසයිල සුන්බුන් වැටීම හේතුවෙන් ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇතැයි බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.
