
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 154ක ඉලක්කකයක් හිමිව තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 153කි.
එහිදී සිකන්ඩර් රාසා ලකුණු 73ක් ලබාගත්තේ පන්දු 43කට මුහුණ දෙමිනි.
පන්දුයැවීමේදී ක්වෙනා මාපා සහ ක්‍රොබින් බොස්ච් කඩුලු දෙක බැගින් දවාගත්තහ.

























