මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ

මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ

February 28, 2026   11:26 pm

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයන් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ඒ අනුව පවතින කලාපීය අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් මැදපෙරදිග සිටින සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට දැඩි සුපරික්ෂාකාරීත්වයක් අනුගමනය කරන ලෙසත් අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් දේශීය මාධ්‍ය සහ සත්කාරක රටේ නිල නිවේදන නිරීක්ෂණය කරන ලෙසත්, අත්‍යවශ්‍ය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීම්වලින් වළකින ලෙසත් මෙන්ම ළඟම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමග නිතිපතා සම්බන්ධතා පවත්වා ගන්නා ලෙසත් අමාත්‍යාංශය මැදපෙරදිග වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම අවශ්‍ය අවස්ථාවල සහාය ලබා දීම සඳහා කලාපයේ සියලුම ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංක සක්‍රීය කර ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ඒ අනුව

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය :  +94742595546 
ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය (SLBFE): +94719802822 
ක්ෂණික ඇමතුම් අංකය : 1989

අමාත්‍යාංශය අඛණ්ඩව වර්ධනයන් නිරීක්ෂණය කරන අතර අවශ්‍ය පරිදි වැඩිදුර යාවත්කාලීන කිරීම් නිකුත් කරනු ඇත.