ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
February 28, 2026 10:50 pm
විස්සයි විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය ලකුණු 05කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 212කි.
එහිදී Sahibzada Farhan ලකුණු 100ක් සහ Fakhar Zaman ලකුණු 84ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී දිල්ෂාන් මධුසංඛ කඩුලු තුනක් සහ දසුන් ශානක කඩුලු දෙකක් බිඳහෙළුහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06කින් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 207ක් පමණය.
එහිදී දසුන් ශානක පන්දු 31ක් තුළ ලකුණු 76ක් රැස්කරගත්තේ හයේ පහරවල් අට සහ හතරේ පහරවල් 02ක් සමඟින්ය.
පවන් රත්නායක ලකුණු 58ක් ලබාගැනීමට සමත්විය.
පාකිස්තානය මෙම තරගය ජයගත්ත ද ඔවුන්ට අවසන් පූර්ව තරගය සඳහා පිවිසීමට හැකිවූයේ නැත.
ඒ ඔවුන්ට මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 147කට සීමා කිරීමට නොහැකිවීම හේතුවෙනි.
