තලපති විජේගේ බිරිඳ දික්කසාදය ඉල්ලයි
February 27, 2026 09:11 pm
ප්‍රකට නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන තලපති විජේගේ, බිරිඳ වන සංගීතා විජේ තම සැමියාගෙන් දික්කසාදය ඉල්ලා චෙංගල්පට්ටු අධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.
විජේ විසින් වෙනත් නිළියක සමඟ පවත්වන අනියම් සබඳතාවක් හේතුවෙන් තමා දැඩි මානසික පීඩාවකට සහ නොසලකා හැරීමට ලක් වූ බව ඇය එහි සඳහන් කර ඇත.
මෙම විවාහය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි මට්ටමට බිඳ වැටී ඇති බැවින්, 1954 විශේෂ විවාහ පනත යටතේ ඇය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
තම පවුලේ පෞද්ගලිකත්වය සහ දරුවන්ගේ මානසික සුවය ආරක්ෂා කර ගැනීම සඳහා නඩු විභාගය අප්‍රසිද්ධියේ පවත්වන ලෙසත්, මේ පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සම සම්බන්ධ පළමු විභාගය ලබන අප්‍රේල් 20වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
