අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරුට දින 90ක රැඳවුම් නියෝග
February 27, 2026 05:45 pm
අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරුගෙන් වැඩිදුර ප්රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා දකුණු පළාත ඇතුළු ප්රදේශ රැසක ඝාතන රැසක් සිදුකර ඇති අයෙකු බව පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බවය.
ඒ අනුව සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා මෙලෙස දින 90ක රැඳවුම් නියෝග ලබා ගත් බව පොලීසිය සඳහන් කළේය.
