හෙට කාලගුණ අනාවැකිය
February 27, 2026 02:26 pm
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට හෙට (28) ප.ව. 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට දිනයේ කාලගුණ අනාවැකිය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව අද (27) ප.ව. 2ට නිකුත්කළ නිවේදනයේ මේ බව දැක්වේ.
කෙසේ නමුත් ඉහත ස්ථාන හැරෙන්න දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත්, අලුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.
